මිහින්තලේ නාහිමිගෙන් කප්පම් ඉල්ලූ සැකකරු රිමාන්ඩ්

146

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහසා කිරීම, බැන වැදීම හා උන්වහන්සේ ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ගැනීමට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අජිත් කුමාර නමැති සැකකරු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26දා) පස්වරුවේ නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකුගේ සහෝදරයකු වන සමාජ මාධ්‍ය මාධ්‍යවේදියකු බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment