කැලිෆෝනියාවේ ගංවතුරේ පාවූ කාන්තාව බේරා ගැනේ

278

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ අධික වර්ෂාපතනය හේතුවෙන් හටගත් ජල ගැලීමට හසු වී සිය මෝටර් රථය ගසා ගෙන ගොස් උඩු යටිකුරු වී පෙරළීයෑම නිසා පැය 15 ක කාලයක් රථය මතට වී සිටි කාන්තාවක් හෙලිකොප්ටර් යානයක් යවා බේරා ගැනීමට ප්‍රාන්ත බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට මෙම දිනවල ඇදහැලෙන වාර්තාගත අධික වර්ෂාපතනය හමුවේ ඇය පැය 15ක කාලයක් සිය පෙරළුණු මෝටර් රථය මතට වී දිවි ගලවාගැනීම හාස්කමක් බව හදිසි ආපදා කණ්ඩායම් පවසා තිබේ. මෙසේ දිවි බේරාගත් කාන්තාව ඉකුත් සඳුදා අධික වැසි හා කුණාටු මධ්‍යයේ පහතින් පිහිටි පාලමක් හරහා සිය මෝටර් රථය පදවාගෙන ගිය අවස්ථාවේදී පැවති ජල ගැලීමට හසු වී රථය සමග ගසාගෙන ගොස් තිබේ. පසුව එම මෝටර් රථය උඩු යටිකුරු වී පෙරළී යෑම හේතුවෙන් රථය මතට ගොඩ වී ඇය සඳුදා රාත්‍රිය ගත කර ඇති අතර එහිදී සිය රථය ජලයේ පාවෙමින් තිබූ බව එම කාන්තාව මාධ්‍යයට පවසා තිබේ. අඟහරුවාදා (23දා) උදෑසන මෝටර් රථය සමග පාවෙමින් සිටි කාන්තාව දැක තිබෙන ඒ අසල කඳවුරක සිටි පුද්ගලයෙකු ඒ සම්බන්ධයෙන් ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු ආපදා කණ්ඩායම් ඇයව බේරාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment