බාධා කළොත් නඩු බිත්තර වටලන්න පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

101

බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සඳහා පැමිණෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට පහරදෙන, රාජකාරියට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ (ප්‍රාදේශීය කටයුතු) ප්‍රියන්ත විජේසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තම නිලධාරීන්ට පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවද හෙතෙම කීය.

කුරුණෑගල ප්‍රදේශයේ වැටලීමකට ගිය සිය නිලධාරීන් 8 දෙනකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ බවත්, එම පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් හේ කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment