අවුරුදු දා පිහියෙන් ඇන සැමියා බිරියගේ අනියම් සැමියා මරයි

143

සේරුනුවර යාය 3 ප්‍රදේශයේදී අලුත් අවුරුදු දා (14දා) පිහියෙන් ඇන පුද්ගලයකු මරා දැමීමේ පුවතක් වාර්තා වෙයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් පමණ වන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවිවාහක ආබාධිත සෙබළෙකි.

ඝාතනයට සැක කෙරෙන 35 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ දැනට මාස පහකට පමණ පෙර අවුරුද්දක් වයසැති දරුවා රැගෙන 7 හැවිරිදි සහ සිව් හැවිරිදි ගැහැනු දරුවන් දෙදෙනා නිවසේ රඳවා මියගිය පුද්ගලයා සමග පලා ගොස් ඇත. මේ සිද්ධියෙන් පසු නිවසේ සිටි දරු දෙදෙනාත් සමග සැකකරු ඔහුගේ ගම් ප්‍රදේශය වන සුමේධංකර පුරට ගොස් වාසය කර ඇත. මේ අතරතුර බිරිඳ සිය අනියම් සැමියා ද සමග යාය 3 ප්‍රදේශයේ නිවසට නැවත පදිංචියට පැමිණ ඇති අතර නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් ද පවරා ඇත. මේ පිළිබඳව සිත්තැවුලින් පසු වූ සැකකරු නිවසට පැන පිහියෙන් ඇන බිරිඳගේ අනියම් සැමියා මරා දමා ඇතැයි වාර්තා වෙයි.

ඝාතනයෙන් පසු සැකකරු පලා ගොස් ඇති අතර සේරුනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් හා සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කොට ඇත.

කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment