කොළඹ කොටුවේ දුම්රිය අනතුර සිදු කළ රියැදුරාගේ වැඩ තහනම්

59

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පෙරේදා (15දා) පළමු වැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියැදුරාගේ තාවකාලිකව වැඩ තහනම් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) වී. එච්. පොල්වත්තගේ මහතා ‘දිවයින’ ට පැවැසීය.

මෙලෙස පෙරේදා අනතුරට ලක්වුණේ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මෙම දුම්රිය ගැටීමෙන් දුම්රිය වේදිකාවට දැඩි ලෙස හානි සිදුවිය. කෙසේ වෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් තවදුරටත් අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment