‘හලෝ’ වලින් යාළුවෙලා නිවසේ අඟහිඟකම් පැවසූ බාලවයස්කාර දැරිය අතවරයට ලක්කළ ප්‍රේමවන්තයා අල්ලයි

135

දුරකථනය මගින් දැන හැඳිනගත් ප්‍රේමවන්තයකු හට තම නිවසේ ඇති ආර්ථික අපහසුතා පැවසීමෙන් අනතුරුව 15 හැවිරිදි එම දැරිය රවටා තම නිවසට රැගෙන ගොස් අපහරණය කර ස්ත්‍රී දූෂණයට ලක්කළ සැකකරුවකු පෙරේදා (28 දා) අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් වසමේ පදිංචි විසි හැවිරිදි තරුණයෙකි.

දැරියගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දැරිය නිවසේ ඇති ආර්ථික අපහසුතා පැවසීමෙන් අනතුරුව, තම බාල නැගණිය පෙර පාසලට ඇරලවීම සඳහා ගිය අවස්ථාවේදී පෙර පාසල අසලට පැමිණ ඇති සැකකරු ත්‍රිරෝද රථයකින් දැරිය රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (29 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබණු අතර සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරානේගම පොලිසියේ නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්ත.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment