සා/පෙළට රටේ නීතිය උගන්වනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ

90

මෙරට ක්‍රියාත්මක කෙරෙන නීති පද්ධතිය පිළිබඳ අධ්‍යාපනය සාමාන්‍ය පෙළ පාසල් දරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

නීති පීඨයේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන භාෂාව සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් ඊයේ අසනු ලැබූ විශේෂ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන අතරතුර ඇමැතිවරයා මේ බව කීය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය. “දැනට වසර හත අටක් තිස්සේ අපි යෝජනා කරලා තියෙනවා රටේ මූලික නීති පද්ධතිය පිළිබඳ අධ්‍යයනය සාමාන්‍ය පෙළ සිසු දරුවන්ට ලබාදෙන්න. දැන් අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් අරගෙන සාමාන්‍ය පෙළ දරුවන්ට කාලපරිච්ඡේද 12ක් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන ආකාරයට විෂය නිර්දේශ සකස් කරන්න උපදෙස් දීලා තියෙනවා.

අපි බලාපොරොත්තු වුණේ 2023 දී ක්‍රියාත්මක කරන්න. ඒත් මේ අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ මෙය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද රටේ හැම පුරවැසියකුට ම අවබෝධයක් තියෙන්න ඕනේ රටේ තියෙන මූලික නීතිය සහ තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවා ද කියලා. බොහෝ දෙනෙක් අපේ රටේ දන්නේ නෑ තමාට තියෙන අයිතිවාසිකම් මොනවා ද කියලා. ඒ නිසා සමහර වෙලාවට දේශපාලනඥයෝ රාජ්‍ය නිලධාරීන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා තමයි අපිට අලුත් නීති රැසක් පනවන්න වෙලා තියෙන්නේ.”
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment