ඉන්දීය ගොවි විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර

96

ඉන්දීය රජය සමග සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වට හතරම අසාර්ථක වීම හේතුවෙන් දිල්ලි නගරයේ විරෝධතා පා ගමනක යෙදුණු ගොවීන්ට පොලිසිය විසින් ඊයේ (21) නැවත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. හරියානා හා පන්ජාබ් යන ප්‍රාන්තවල සිට සිය වගා අස්වනු සඳහා සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිල්ලි නගරයට පා ගමනින් පැමිණ සිටි ගොවීන් දහස් ගණනක් විසුරුවා හැරීම සඳහා මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙම ගොවීන් පිරිස දිල්ලි අගනුවර මධ්‍යයට පැමිණීම වැළැක්වීම සඳහා පොලිසිය විසින් තට්ටු කිහිපයකින් යුත් මාර්ග බාධක යොදා ප්‍රධාන මාර්ග අවහිර කර ඇති අතර ගොවි විරෝධතාකරුවන් පවසනුයේ ඔවුන් මෙම මාර්ග බාධක ඉවත් කිරීම සඳහා අධි බරැති යන්ත්‍ර යොදා ගන්නා බවත් සිය විරෝධතා පා ගමන ගමනාන්තය තෙක් පවත්වන බවයි. මාස ගණනක කාලයක් සැපයීම සඳහා තමන් සතුව පවතින වගා අස්වනු සඳහා සහතික මිලක් ලබාදීමට රජය පියවර ගත යුතු බව ගොවි විරෝධතාකරුවෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment