ක්‍රිකට් පෙත්සම විභාගයෙන් තවත් විනිසුරුවෙක් ඉවත්වේ

463


ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම විභාගයට පත්කළ විනිසුරු මඩුල්ලෙන් අද තවත් විනිසුරුවරයෙකු ඉවත්වී ඇත. ඒ විනිසුරු නීල් ඉද්දවෙල මහතාය. ඒ අනුව මෙම පෙත්සම් විභාගය සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

මෙම පෙත්සම අද ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.
මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන් දෙනෙකු ඉවත් වී තිබේ.

අනතුරුව මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment