සූර් පිට සේවය කළ STF කොස්තාපල් අත්අඩංගුවට

278


රාජකාරියේ යෙදී සිටිය දී බීමතින් කලහකාරි ලෙස හැසිරුණා යැයි කියන පොලිස් විශේෂ කාර්යා බළකායේ පොලිස් කොස්තාපල්වරයෙකු
දළදා මාළිගාව පොලිස් ස්ථානය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පිහිටා තිබෙන උඩරට කලා සංගම් ශාලාවේ පවත්වාගෙන යන මෙහෙයුම් මැදිරියේ සේවයේ යෙදී සිටි අයෙකි.
රාජකාරියේ යෙදී සිටිය දී බීමතින් කලහකාරි ලෙස හැසිරෙමින් එහි බිත්ති මත ප්‍රදර්ශනය කර තිබූ පැරණි ඡායාරූප 09 කට පහර දී අලාභහානි සිදුකර ඒවා ගිනි තැබීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඊයේ අලු‍යම් කාලයේ අධික ලෙස බීමතින් කලහකාරි ලෙස හැසිරෙන බවට ලද තොරතුරකට අනුව පොලීසිය එහි ගොස් ඔහු අත්අඩංගුවට ගෙන මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන තිබේ

එම වාර්තාවට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිටින බව තහවුරු වූ බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment