බාල ඖෂධ තොරතුරු ගැන විගණකාධිපති විශේෂ විමර්ශනයක් අරඹයි

73

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබෙන තොරතුරු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡාවට ලක්වූ බවත් ඒ මහතා පැවසීය. ඖෂධ මිලදී ගැනීම් සහ ඒවා බෙදාහැරීම සම්බන්ධ පරිගණක පද්ධතිය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පවසන විගණකාධිපතිවරයා එම වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බව ද කියා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment