මිල සූත්‍රයෙන් ඉන්ධන මිල පහළට

167

මිල සූත්‍රයට අනුව ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය සිදුවීමට නියමිතය. මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මිල සංශෝධනයට අනුව පසුගිය මස 04 වැනිදා ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 09කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු කෙරිණි. ඔක්ටේන් 92 පෙට්රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු වූයේ නැත.

ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු මත මෙවර මිල අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment