විවිධ අයට ඕනෑ ලෙස බෙල්ලන ඉවත් කරන්න බෑ – GMOA කොළඹ ශාඛාව කියයි

102

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන මහතා විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව එම ධුරයෙන් ඉවත්කිරීමට නොහැකි යැයිද, ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ විනය පරීක්‍ෂණයක් පවත්වා යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාවේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ‘දිවයින’ට පැවසීය.

රුක්ෂාන් බෙල්ලන මහතා තම සංගමයේ සාමාජිකයකු නොවූවද යම් ක්‍රියාමාර්ගයක් ගැනීමේදී සාධාරණත්වයක් තිබිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. තම සංගමය ඊයේ (22 දා) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධව අවධානය යොමු කළ බවත්, එහිදී තීරණය වූයේ රුක්ෂාන් බෙල්ලන මහතාට සාධාරණය ඉටුවිය යුතු බව යැයිද වෛද්‍ය දර්ශන සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment