සමාජයේ පැතිර යන වෛරස් රෝගය ගැන අද කියනවා – ආචාර්ය චන්දිම ජීවන්දර

620

සමාජය තුළ පැතිරයමින් පවතින වෛරස් රෝග තත්ත්වයක් ගැන පරීක්‍ෂණයක් සිදුකරමින් පවතින බවත්, එම වෛරසය කුමක්ද යන්න ගැන අද (06 දා) හෙළිකරන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාල වෛi පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තීන් හා සෛල ජෛව පිළිබඳ අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා “දිවයින”ට පැවැසීය.

මේ දිනවල පැතිරෙමින් පවතින උගුරේ වෛරස් තත්ත්වය, උණ, හිසරදය, කාලයක සිට පවතින කැස්ස පිළිබඳ විමසීමේදී ඒ මහතා එසේ කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙසේද කීය.

“සමාජය තුළ වෛරස් තත්ත්වයක් පැතිරෙමින් තිබෙනවා. මේ ගැන පරීක්‍ෂණ කටයුතු කෙරෙනවා. මේ පැතිරෙන වෛරස් තත්ත්වය මොකක්ද කියලා අද (06 දා) කියන්නම්. කොහොම වුණත් හැමදෙනාම මුව ආවරණ පැළදීම ඉතා වැදගත්. අපේ පර්යේෂණයන් සඳහා ප්‍රදේශ කීපයකින් සාම්පල ගෙන තියෙනවා.

මේ අතර කොවිඩ් 19 වෛරසයට සමාන උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහිත වෛරස් තත්ත්වයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තද උණ, හිසරදය, කල්පවතින කැස්ස මෙම වෛරස් තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්‍ෂණ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව එරට ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් කාණ්ඩයට අයත් එච් 3 එන් 2 උප ප්‍රභේදය බවට හඳුනාගෙන තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment