වාසනාවන්ත පංචාකල්‍යාණියකගේ කේන්ද්‍ර පිහිටීම

4764

බොහෝ තරුණයන් විවාහ වීමට අපේක්‍ෂා කරනුයේ රූමත් ස්ත‍්‍රීන්ය. බහුතරය එසේ වුවද ගුණවත්, කරුණාවන්ත ස්ත‍්‍රියක් විවාහ්‍ය සඳහා සොයන පුරුෂයන්ද නැතුවා නොවේ. නමුත් සාර්ථක විවාහ ජීවිතයකට නම් උක්ත කරුණු දෙකම අත්‍යවශ්‍ය බව මාගේ හැඟීමයි. තරුණයකු විවාහ වීමේදී රූමත් මෙන් වාසනාවන්ත, ගුණගරුක හා කරුණාවන්ත ස්ත‍්‍රියක් බිරිය ලෙස තෝරා ගත යුතුමය.

 බුදුපියාණන් වහන්සේද මෙම භාර්යාවන් පිළිබද බොහෝ දේ සදහන් කර ඇත. ඒ අතර සප්ත භාර්යාවන් විශේෂ ස්ථානයක් ගනී. වදක භාර්යා, ස්වාමි භාර්යා, දාසි භාර්යා, සඛී භාර්යා, භගිනි භාර්යා, චෝර භාර්යා හා මාතෘ භාර්යා ලෙස එම භාර්යාවන් නම්වේ. මොවුන් අතර සඛී භාර්යා, භගිනි භාර්යා හා මාතෘ භාර්යා යන තුන් වර්ගය විවාහයට ඉතා සුදුසු බව ස`දහන් වේ. දේහ ලක්‍ෂණ ව‍යාවේද සුභ වර්ගයේ භාර්යාවන් හා අසුභ වර්ගයේ භාර්යාවන් අයිති වන ස්ත‍්‍රී වර්ග ස`දහන් වේ. දේහ ලක්ෂණ ව‍යාවට අනුව ස්ත‍්‍රී වර්ග 4කි. සුභ ස්ත‍්‍රීන් දෙවර්ගයක් හා අසුභ ස්ත‍්‍රීන් දෙවර්ගයක් ලෙස අර්ථකථනය වේ. චිති‍්‍රනී හා පද්මිනි යන ස්ත‍්‍රීන් දෙපළ සුභ ස්ත‍්‍රීන් ලෙසද, හස්තිනි හා සංඛිනී යන ස්ත‍්‍රීන් අසුභ ස්ත‍්‍රීන් ලෙසද ස`දහන් වේ. ඉහත ස`දහන් භාර්යාවරු මෙයට ආදේශ කළ විට සඛී භාර්යා, භගිනි භාර්යා හා මාතෘ භාර්යා යන තුන් වර්ගය චිත‍්‍රිනි හා පද්මිණි යන ස්ත‍්‍රීන්ට අයත් වේ. වධක, චෝර, ස්වාමි හා දාසී යන භාර්යාවන් හස්තිනී හා සංඛිනි යන ස්ත‍්‍රීන්ට අයත් වේ. චිති‍්‍රනී හා පද්මිණි යන ස්ත‍්‍රී වර්ගයට අයත් භාර්යාවන් ලබන පුරුෂයන් පෙර භවයේ මහා කුසල කර්ම

 රැසක් සිදුකළ තැනැත්තෙක් ලෙස පුරාණයේ විසූ සෘෂිවරු පවසා ඇත. එමෙන්ම හස්තිනි හා සංඛිනි යන ස්ත‍්‍රීන්ට අයත් භාර්යාවන් ලබන පුරුෂයන් පෙර භවවල මහා අකුසල කර්ම කල අය බවද සදහන් වේ.

 බොහෝ රූමත් ස්ත‍්‍රියක් දුටුවිට ඇය පංච කල්‍යාණියක් යැයි සමාජයේ පවසනවා ඔබ අසා ඇත. පංචකල්‍යාණියක් යනු කල්‍යාණ 5කින් සමන්විත තැනැත්තියකි. එනම් දන්ත කල්‍යාණය, වචි කල්‍යාණය, කේෂ කල්‍යාණය, මාංශ කල්‍යාණය හා වයස් කල්‍යාණයයි. මේවා සියල්ල ස්ත‍්‍රියකට පිහිටීමට නම් ඇය පෙර භවවල බොහෝ කුසල කර්ම කර තිබිය යුතුයි. ආහාර දානය, වස්ත‍්‍ර දානය, ඖෂධ දානය හා මොනර පිල් පූජාව ආදී බොහෝ පූජාවන් අතීත සංසාරය පුරා සිදුකළ ස්ත‍්‍රීන් මෙලෙස පංච කල්‍යාණියන් වී උත්පත්තිය ලබයි. මෙලෙස බොහෝ පිං කර උපදින දැරියන් උපන් ගමන් රුව දෙස බලා පංච කල්‍යාණියක් දැයි පැවසිය නොහැක. නමුත් ජ්‍යොතිෂය හොඳින් හැදෑරූ අයකුට ඇගේ උපන් වේලාවට සෑ¥ ජන්ම පත‍්‍රය දෙස බලා ඇය පංච කල්‍යාණියක්ද යන්න තීරණය කර ගත හැක. එසේ තීරණය කර ගත හැකි වන්නේ සෑදු ජන්ම පත‍්‍රයේ පංච කල්‍යාණියකට අදාළ ග‍්‍රහ පිහිටීම් යෙදී ඇති බැවිනි. එම ග‍්‍රහපිහිටීම් මෙසේය.

 පුර පක්‍ෂයේ බලවත් සඳු ලග්න ගතවීම

 ලග්නාධිපති ග‍්‍රහයා ලග්න ගතව සඳු සමඟ සිටීම

 ලග්නාධිපති ග‍්‍රහයා උච්ච, ස්වත්ශේත‍්‍ර ආදී බලයෙන් ලග්න ගතවීම

 5 වැන්නේ හෝ 9 වැන්නේ හෝ ගුරු, සිකුරු බලවත්ව සිටීම

 සඳු හා ගුරු යන ග‍්‍රහයන් ලග්න ගතවීම හා එලෙස ලග්නගත වන සඳුට හා ගුරුට 5 වැන්නේ, 7 වැන්නේ හෝ 9 වැන්නේ හෝ සිටින සිකුරුගේ දෘෂ්ටිය ලැබීම.

 මෙම පිහිටීම්වලින් එකක් හෝ කිහිපයක් ජන්ම පත‍්‍රයක පිහිටයි නම් ඇය පංචකල්‍යාණියක් වේ.

 තවද ජන්ම පත‍්‍රය තුළ කුජ – සිකුරු යෝගය මෙන්ම චන්ද්‍ර – කුජ යෝගය පිහිටි ස්ත‍්‍රීන්ද පංච කල්‍යාණියන් තරම්ම රූමත් නොවුනද අන් ස්ත‍්‍රීන්ට සාපේක්‍ෂව බොහෝ රූමත්ය. නමුත් උක්ත යෝගයේ බල දුබලතාව මත ඇගේ රූමත් භාවයේ ප‍්‍රමාණය අඩුවැඩිවේ. චන්ද්‍ර මංගල යෝගය හෝ සිකුරු මංගල යෝගය පවතින අය බොහෝ රූමත් වීමට නම් එම යෝගයට පාප දෘෂ්ටි නොවැටී සුභ දෘෂ්ටි වැටී, යෝගයට අදාළ එම ග‍්‍රහයන්ද බලවත්ව සිටිය යුතුයි. ඔවුන් සිටින නැකැත් අධිපතීන්ද බලවත් විය යුතුයි.

 කුජ – සිකුරු හා කුජ – සඳු යන යෝග දෙක අතීකාම යෝග වේ. මෙවැනි ස්ත‍්‍රීන්ට පුරුෂ ආකර්ෂණය වැඩිය. මොවුන්ද ස්වභාවයෙන්ම කාමාධික චරිත වේ. එමෙන්ම සෙල්ලක්කාරය. උක්ත යෝග සමඟ රාහුගේ දෘෂ්ටිය හෝ රාහු සමඟ සංයෝගයක් හෝ පැවතියහොත් කාමාධිකකම හා සෙල්ලක්කාරකම තීව‍්‍ර කරයි.

 ස්ත‍්‍රී ජන්ම පත‍්‍රයෙන් ඇයගේ රූමත් භාවය කිවහැකි මෙන්ම, ඇයට අනාගතයේ වාසනාවන්ත විවාහයක් හිමිවේද නැද්ද යන්න කිව හැක. වාසනාවන්ත විවාහයක් හිමි ස්ත‍්‍රියකගේ කේන්ද්‍රයේ පහත ස`දහන් ග‍්‍රහපිහිටීම් 1ක් හෝ කිහිපයක් තිබිය හැක. ඒවා මෙසේය.

 පාප දෘෂ්ටිවලින් තොර සුභ ග‍්‍රහයෙකු ලග්නගත වීම

 5 වැන්නේ ගුරු – ශුක‍්‍ර සංයෝගය පිහිටීම

 පුර පක්‍ෂයේ ඉපිද 7 වැන්නේ බුද – ශුක‍්‍ර

 යෝගවීම

 7 වැන්න කටක වී ගුරු ග‍්‍රහයා එහි සිටීම

 7 වැන්නේ සඳු – බුධ සංයෝග වීම හා ඊට

 සුභ දෘෂ්ටි ලැබීම

 ලග්නයේ ගුරුත් 7 වැන්නේ සඳුත් 10

 වැන්නේ සිකුරුත් පිහිටීම

 ලග්නයේ හෝ 4 වැන්නේ බලවත් සඳු,

 බුධ, ගුරු, සිකුරු සිටීම

 ලග්නාධිපති හා 7 වැන්නාධිපති 7 වැන්නේ සිටිමින් ගුරු හෝ සඳුගේ දෘෂ්ටියට ලක්වීම

 ගුරුගේ දෘෂ්ටියට ලක්වී 7 වැන්නේ බුධ – ශුක‍්‍ර සංයෝගය තිබීම සමගම 11 වැන්නේ සඳු පිහිටීම.

 වාසනාවන්ත විවාහ ජීවිතයක් හිමි ස්ත‍්‍රියකගේ පිහිටීම් මෙසේ වෙද්දී, ඉතා අවාසනාවන්ත විවාහ ජීවිතයක් හිමි තම සැමියාට වද දෙන, බිරියක් වීමේ ග‍්‍රහ පිහිටීම්ද ඇතැම් ස්ත‍්‍රීන්ගේ ජන්ම පත‍්‍රවල පිහිටයි. ඒවා මෙසේයි.

 සඳු හෝ 5 වැන්නේ කුජ නීච වීම

 බුද ග‍්‍රහයා 3, 5, 6, 8, 9 හෝ 12 වැනි

 ස්ථානයක දුබලව පීඩිතව සිටීම

 ලග්නය සංවේදී රාශියක් වී ශනි, රාහු එහි

 සංයෝග වීම

 රාහු හෝ ශනි ලග්නයට හෝ සඳුට

 ති‍්‍රකෝණගත වීම

 කටක, වෘශ්චික මීන වැනි සංවේදී රාශි

 ප‍්‍රබල ලෙස පීඩාවීම

 සඳු හෝ සඳු සිටින රාශියේ අධිපති හා

 ලග්නය ශනිගෙන් පීඩාවීම

 සඳු හා බුධ පාපකර්කාරී වීම

 කුජ 7 වැන්නේ පාප පීඩිතව

 දුර්වලව සිටීම

 චන්ද්‍රයා නීච වී නීචය භංග නොවීම

 කුජ, ශනි සංයෝගය ලග්නයේ හෝ

 4 වැන්නේ වීම

 පාප පීඩිතව සඳු 6 වැන්නේ

 හෝ 12 වැන්නේ වීම

 චන්ද්‍ර, ශනි සංයෝගය, දුබල වූ රවි හා කුජගේ දෘෂ්ටියට ලක්වීම



 මෙයට අමතරව බොහෝ නපුරු, ක‍්‍රෑර ස්ති‍්‍රයක්ද දක්‍ෂ ජ්‍යොතිෂ්‍යවේදියකුහට ඇගේ ජන්ම පත‍්‍රයෙන් හඳුනාගත හැක. එසේ හඳුනාගත හැකි පිහිටීම් ජ්‍යොතිෂයේ ගණනාවක් පවතී. මෙයින් එකක් හෝ කිහිපයක් පිහිටන ස්ත‍්‍රිය ඉතා ක‍්‍රෑර ස්ත‍්‍රියක් ලෙස සැලකේ.

 ලග්නය පුරුෂ රාශියක් වී රවි එහි

 සිටීම

 ශනි – රාහු 9 වැන්නේ සිටීම

 ශනි – සඳු යෝගය පිහිටීම

 ශනි – බුධ ඕනෑම භාවයක වීම

 රවි – ශනි යෝගය පිහිටීම

 කුජ, රාහු, ශනි 4 වැන්නේ සිටීම

 රවි 3 වැන්නේත්, සඳු 9 වැන්නේ වීම

 ශනි, රාහු, කුජ, රවි 7 වැන්නේ වීම

 සඳු 6 වැන්නේත්, ශනි 12 වැන්නේත්

 වීම

 විවාහ වීමට ස්ත‍්‍රියක් තෝරා ගැනීමේදී ආදරය, දේපළ, වස්තුව, මිල මුදල් හා රූපය යන මේවාට තැන දෙනවාත් සමගම ඇයගේ කේන්ද්‍රයද දක්‍ෂ ජ්‍යොතිර්වේදියකු ලවා පරීක්‍ෂා කිරීමට අමතක නොකරන්න. පොරොන්දම් 100%ක් ගැළපුනද ඔබගේ හා එම ස්ත‍්‍රියගේ ජන්ම පත‍්‍ර එකිනෙකට හොඳින් ගැළපේදැයි බලන්න. ජන්ම පත‍්‍ර දෙක හොඳින්

 නොගැළපේ නම් හෝ ඉහත සඳහන් කළ වද දෙන ස්ත‍්‍රියකගේ ග‍්‍රහ පිහිටීම් හෝ ක‍්‍රෑර ස්ත‍්‍රියකගේ ග‍්‍රහ පිහිටීම් ඇත්නම් ඇය සමඟ විවාහ වීමට දෙපාරක් සිතන්න. විවාහ වුවද ඇය තේරුම් ගෙන ජීවත් වන්න. එවිට විවාහ ජීවිතයේ ඇතිවන ගැටලූ කරදර හැකි පමණ මගහරවා ගත හැක.





 ජ්‍යොතිෂවේදීනි, දේශබන්දු,

 ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී,

 පල්ලේබැද්ද, පානදුර.

 දු.අංකය – 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment