සෙවනගල දේශපාලන ගමකට

684

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන ව්‍යාපෘතිය යටතේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තව නොබෝ දිනකින් එක්තරා දේශපාලන පක්ෂයකට හිතවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට ලබා දීමේ සැලැස්මක් ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දිනවල සිදු කෙරුණු කැබිනට් හුවමාරුවේ තවත් එක් මූලික පරමාර්ථය වී ඇත්තේ ද අදාළ ව්‍යාපාරිකයාට සෙවනගල කර්මාන්ත ශාලාව ලබා දීම බව දේශපාලන බලවතෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීවේය.

වැවිලි කර්මාන්ත විෂය භාර හිටපු ඇමැති රමේෂ් පතිරණ මහතා සෙවනගල අදාළ ව්‍යාපාරිකයාට භාර දීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. එම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්ත මහතා යටතේ පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පසුගිය කාලයේ ගැසට් කර තිබුණත් පසුව ඔහුගේ විෂය පථයෙන් ඒවා ඉවත් කර දිලුම් අමුණුගම මහතාගේ විෂයපථය යටතට පවරා ඇත.

දේශපාලන වාර්තාකරු

advertistmentadvertistment
advertistmentadvertistment