කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වැඩිම වටිනාකම ගිය වසරේ

105

ගිය වර්ෂය (2021) කොළඹ කොටස් වෙළෙඳපොළට ඉතා සුවිශේෂී වාර්තාගත වර්ෂයක් වූ බවද ඒ අනුව ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළේ වැඩිම වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) 2021 වසරේදී වාර්තා කළ බවද කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මේ අනුව 2021 වසරේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) රු. බිලියන 5489ක් දක්වා වර්ධනය වූ බවද ඒ මහතා පවසයි. 2020 වසරේ පැවති කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. බිලියන 2960ක් විය.

එසේම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වැඩිම සාමාන්‍ය දෛනික පිරිවැටුම 2021 වසරේදී වාර්තා කළ බවද ඒ අනුව 2020 වසරේ වාර්තා වූ රු. බිලියන 1899ක් වූ සාමාන්‍ය දෛනික පිරිවැටුම 2021 වසරේදී රු. මිලියන 4888 දක්වා වර්ධනය වූ බවද කොළඹ කොටස් හුවමාරුවේ සභාපතිවරයා සඳහන් කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය 2021 වසරේදී සියයට 80.5කින් වර්ධනය විය. මේ අනුව 2021 වසරේදී සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6774 සිට ඒකක 12226 දක්වා වර්ධනය වී තිබේ. එසේම කොළඹ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඞ්පී ශී‍්‍ර ලංකා 20 දර්ශකය 2021 දී ඒකක 4233 දක්වා සියයට 60.5කින්ද සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවද කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment