සැමියාට බෙහෙත් ගන්න ගිය ත්‍රිරෝදය අනතුරකට ලක්වීමෙන් බිරිඳ මරුට පුතාට තුවාල

108

මාතර, හක්මන පාරේ නාදුගල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරණයට පත්වී ඇති අතර පුතා ද තුවාල ලබා රෝහල් ගත කළ කළ බව මාතර තිහගොඩ පොලිසිය පවසයි.

තිහගොඩ ප්‍රදේශයේ සිට අසනීපව සිටි ස්වාමි පුරුෂයා ට බෙහෙත් ගැනීම සඳහා මාතර මහ රෝහලට එමින් සිටියදී උදෑසන 8.20 මෙම අනතුර සිදුවී ඇත.

ලුණු පැටවූ ලොරියක් පරණ හක්මන පාරේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය කර ඇති අතර තිහගොඩ සිට පැමිණි ත්‍රීරෝද රථය ලොරියේ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ සිටි කාන්තාව පාරට විසි වී ඇති අතර ඇය ලොරියට යටවී මරණයට පත්ව තිබේ. ඇයගේ ස්වාමියා ආබාධිත යුද හමුදා සෙබළකු වන අතර ඔහුට බෙහෙත් ගැනීම සඳහා මාතර රෝහලට යාමට මෙන්ම ඔවුන්ගේ පුතා ද කාර්මික පුහුණුවකට යෑම සඳහා මව සහ පියා සමග පැමිණ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු තිහගොඩ පොලිසිය මගින් සිදු කරන අතර ලොරි රථය පදවාගෙන ආ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මාතර අතිරේක – ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment