අපි කිව්ව දේ ඇහුවා නම් සවුත්තු වෙන්නේ නෑ – GMOA 23 වැනි වතාවටත් අසාර්ථකයි

235

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය 29 වැනි වතාවටත් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අසාර්ථක වූ බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (15 වැනිදා) පැවැසීය.

සමස්තයක් වශයෙන් රෝහල්වල වෛiවරුන්, හෙද නිලධාරීන්, රෝහල් කනිෂ්ට කාර්ය සහායකයින් ඇතුළු සේවකයන් බොහෝ පිරිසක් රාජකාරියට වාර්තා කර සේවයේ යෙදුණු බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීය.

“මුලින්ම අපි කිව්ව දේ පිළිගත්ත නම් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය සවුත්තු වෙන්නේ නැහැ. එහෙනම් රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ නැහැ. රෝගීන්ට සත්කාරක කරලා පිනක් ලබාගන්න තිබුණු අවස්ථාව ඒ අය නැති කරගත්තා. කොළඹ ජාතික රෝහලේ සියයට 90 ක්ම අද සේවයට වාර්තා කර තිබුණා. බාහිර රෝගී අංශය හැර අනෙක් සියලුම අංශ සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගියා. වෛiවරුන් සියයට 10 යි වර්ජනය කළේ. අනික් සියයට 90 ම වැඩ.” රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය සිංහයෝ වගේ වැඩවර්ජන පටන් ගන්නවා. අන්තිමට හිවල්ලුවගේ වැඩ වර්ජන අත්හරිනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment