දඹුල්ල සහ ගාල්ල සිව්දින කිරුළ සොයා අද සිට සටනේ

96

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් පවත්වනු ලබන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර අද (02 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් පූර්ව තරගවලදී ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහා තරග වරම් දිනා ගැනීමට ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් සමත් වූ අතර පී. සරා ඕවල් පිටියේ දී යාපනය කණ්ඩායමට එරෙහිව ලකුණු 132 ක පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට පිවිසීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. ඒ අතරතුර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ගාල්ල කණ්ඩායම අවසන් මහ තරග වරම් දිනා ගත්තේය.

මෙම කණ්ඩායම් දෙක අවසන් මහ තරග අවස්ථාවකට සුදුසුකම් ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙවර තරගාවලිය සටහන් වන අතර මීට පෙර වසරේ පැවැති තරගාවලියේ ශූරයින් සහ අනුශූරයින් අවසන් පූර්ව තරගවලදී මෙවර පරාජයට පත් විය.

ගාල්ල කණ්ඩායම සංගීත් කුරේ විසින් ද දඹුල්ල කණ්ඩායම මිනෝද් භානුක විසින් ද මෙහෙයවනු ලබති.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment