දරුවන් වැඩි වශයෙන් කොරෝනාවට ගොදුරු වන තත්ත්වයක් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

389

කොරෝනා වසංගතයට දරුවන් වැඩි වශයෙන්  ගොඳුරුවන තත්ත්වයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 දා) පැවසීය.

පසුගිය සතියට පෙර සතියේ සතියේ කොරෝනා ආසාදිත දරුවන් 30 ක් ප‍්‍රතිකාර සඳහා වාර්තා වුවත් ඊයෙන් (01 දා) අවසන් වූ සතියේ දරුවන් 80 කට රෝගය වැළඳීම නිසා මෙම වර්ධනය දකින්නට තියෙන බවද ඒ මහතා කීය.

කොරෝනා රෝගයට ගොදුරුවන දරුවන් රෝගය සුවවීමෙන් පසු බහු ඉන්ද්‍රීය ආසාදනයන්ට ගොදුරුවිය හැකි නිසා දරුවන් රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමට දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඒ මහතා පවසයි.

විශේෂයෙන් මේ දිනවල ඩෙල්ටා ප‍්‍රභේදය වැඩි වශයෙන් වාර්තා වන බවත් දරුවන් වැඩි පිරිසකට රෝගය වැළඳීමට ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවී තිබේදැයි සැකයක් මතුවන බවත් ඒ මහතා කීය. එම නිසා හැකිතාක් මේ දිනවල දරුවන් සමාජයට නිරාවරණය නොකර තබා ගැනීමට දෙමාපියන් වගබලාගත යුතු බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment