චමරිගේ ඉනිම හොඳම ඉනිම වේ

5575

2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ඉනිම ලෙස චමරි අතපත්තු විසින් නවසීලන්තයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 140 තෝරා ගැනීමට ලෝක ප්‍රකට ESPN Cricinfo වෙබ් අඩවිය කටයුතු කර ඇත.

එම තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 140 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන දුන්නාය. එමෙන්ම නවසීලන්තයට එරෙහිව ඉතිහාසයේ පළමු වරට එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා දායකත්වය සැපයූ චමරිගේ එම ඉනිම සඳහා හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් අන්තර්ගත වූ අතර, ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 175ක් වූයේය.
ESPN Cricinfo වෙබ් අඩවිය විසින් 2023 වසර ආවරණය වන පරිදි සිදු කළ ක්‍රීඩක දක්ෂතා සඳහා සම්මාන ලබා දීමේ දී චමරි එසේ ඇගයීමට ලක් විය.

එහිදී වසරේ නායකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් සම්මාන ලැබූ අතර, වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ජෙරාඩ් කොට්සේ සම්මාන ලැබීය. අදාළ සම්මාන බෙදී ගිය අයුරු මෙසේය.

චමරිගේ ඉනිම හොඳම ඉනිම වේ

පිරිමි

වසරේ ටෙස්ට් ඉනිම: ට්‍රෙවිස් හෙඩ් ඉන්දියාවට එරෙහිව ලබා ගත් ලකුණු 163 (ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ දී)

වසරේ ටෙස්ට් පන්දු යැවීම: නේදන් ලයන් විසින් 8/64 ඉන්දියාවට එරෙහිව (ඉන්දියාවේ දී)

වසරේ එක්දින ඉනිම: ග්ලේන් මැක්ස්වෙල් විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත් ලකුණු 201 (2023 ලෝක කුසලානයේ දී)

එක්දින පන්දු යැවීම: මොහොමඩ් ශාමි 7/57 නවසීලන්තයට එරෙහිව (2023 ලෝක කුසලානයේ දී)

විස්සයි විස්ස ඉනිම: සූර්ය කුමාර් යාදෙව් විසින් ලබා ගත් ලකුණු 112 ශ්‍රී ලංකාවට එරෙහිව

විස්සයි විස්ස පන්දු යැවීම: අල්ශාරි ජෝශප් 5/40 දකුණු අප්‍රිකාවට එරෙහිව

කාන්තා

එක් දින ඉනිම: ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු නොදැවී 140 නවසීලන්තයට එරෙහිව

එක්දින පන්දු යැවීම: බංග්ලාදේශයේ මරූෆා අක්ටෙර් 4/29 ඉන්දියාවට එරෙහිව

විස්සයි විස්ස ඉනිම: බටහිර ඉන්දීය කොදෙව් හි හේලි මැතිව්ස් විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 132

විස්සයි විස්ස පන්දු යැවීම: දකුණු අප්‍රිකාවේ අයබෝග්නා කාකා 4/29 එංගලන්තයට එරෙහිව (2023 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දී)

advertistmentadvertistment
advertistmentadvertistment