අපේ පාපන්දුව තහනම් කිරීමේ අදහස පමා කර ගත්තා – හිටපු සභාපති ජස්වර් උමර්

135

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව තහනම් කිරීමේ අදහස ප්‍රමාද කළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා ‘දිවයින’ට පැවසීය.

 ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති  ගියානි ඉන්ෆන්ටීනෝ මහතා සහ තමන් අතර පසුගියදා මැලේසියාවේදී පැවැති විශේෂ හමුවේදී ඒ පිළිබඳව සාකච්ඡා කළ බවද ජස්වර් උමර් මහතා පැවසීය.

 මෙරට පාපන්දු අර්බුදය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් ඉදිරි දින කිහිපයේදී ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර මෙම අර්බුදය විසඳාගත හැකි බව තමන් ජාත්‍යන්තර පාපන්දු සභාපතිවරයාට පොරොන්දු වූ බවද ජස්වර් උමර් මහතා කීය.

 ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව තහනම් කිරීමේ අදහස ප්‍රමාද කළ බව ජස්වර් උමර් මහතා පැවසීය. පවතින අර්බුදය නිර්මාණය වී ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත් වීමකින් නොවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට පැහැදිලි කළ බව ද ජස්වර් උමාර් මහතා පැවැසීය. පාපන්දු අර්බුදය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර දෙපාර්ශ්වයක මැදිහත් වීමත් සමඟ එම නඩුව මේ 26 වැනිදාට කල් දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment