ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයන්ට ළඟම කොට්ඨාසයේ ජොබ් එක

130

පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂකයන් ලෙස නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන කොට්ඨාසයේ හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසයේ රැකියාවල නිරතවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්‍ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඔවුන් අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වී ඇති ඡන්ද කොට්ඨාසයෙන් පිටතට ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි යළි සේවයේ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළකර ඇත.

මෙම රජයේ සේවකයන්ට අදාළ වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment