නායක රාහුල් – සහායට බුම්රාහ්

155

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ආරම්භ පිතිකරු ලෝකේෂ් රාහුල්ට පවරා ඇති අතර උප නායකත්වය වේග පන්දු යවන ක‍්‍රීඩක ජස්ප‍්‍රිට් බුම්රාට ලබා දී ඇත.

 ඉන්දීය කණ්ඩායමේ සීමිත පන්දු වාර තරග අංශයේ නායක රෝහිත් ෂර්මා ආබාධයකට ලක් වීම හේතුවෙන් එම තරගාවලියට එක් නොවන බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ස`දහන් කරයි. ඒ අනුව ශර්මාගේ උප නායකයා ලෙස කටයුතු කළ රාහුල්ට නායකත්වය පිරිනමා ඇත.

 උප නායකත්වයේ ඇති වූ හිඩැස වෙනුවෙන් බුම්රාහ් ඒ ස`දහා පත්කර ඇති අතර ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එක් දින තරගාවලිය පැවැත්වේ. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment