ශී‍්‍ර ලංකා හොකී මහ පුටුවට කමල් පුෂ්ප කුමාර නිතරගයෙන්

115

කොළඹ හතේ පිහිටි ක‍්‍රීඩා අමාත්‍යාංශයීය ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදී ඊයේ (02දා* පවත්වන ලද ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය නිලවරණය ඒක පාර්ශ්වීය ස්වරූපයකට පරිවර්තනය වී තිබුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්ප කුමාර මහතා නිතරගයෙන්ම සභාපති ධුරයට පත් විය.

නිතරගයෙන්ම පත් වුණද ඊයේ (02දා* පැවති නිලවරණයේදී කමල් පුෂ්පකුමාර මහතාට නියෝජිතයන් 31 දෙනකුගේ කැමැත්ත ප‍්‍රකාශ කර තිබීම කැපී පෙනුණි.

සභාපති ධුරයට නාමයෝජනා දී තිබූ හිටපු ශ‍්‍රී ලංකා හොකී සම්මේලන සභාපතිවරයෙකු ද වන මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ කුමාර දිසානායක මහතා මෙවර නිලවරණයට පැමිණ නොසිටීම කැපී පෙනුණි. ඒ මහතාට සහාය පළ කරමින් මෙම නිලවරණයේදී උප සභාපති ධුරයකට නාමයෝජනා දී තිබුණු විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා ද මෙවර නිලවරණයේ දී දක්නට නොලැබීම විශේෂත්වයකි.

සභාපති ධුරයට නාමයෝජනා භාර දී තිබුණු පෙරුමාල් විශ්වනාදන් මහතා සහ දර්ශන එස්. විජේසිංහ මහතා එම ධුරයට තරග කිරීමෙන් වැළකී සිටි අතර ඔවුන්ට මෙවර උප සභාපති ධුර හිමි විය.

2019 – 2021 හිටපු ආසන්නම සභාපති පෙරුමාල් විශ්වනාදන් මහතා මෙවර නිලවරණයේදී ලේකම් ධුරයට පත් කෙරුණු අතර කුලරත්නම් ජෙයරත්නම් මහතාට

භාණ්ඩාගාරික ධුරය හිමි විය.

මීට කලකට ඉහත භාණ්ඩාගාරික ධුරය හෙබවූ කේ. ජෙයරත්නම් මහතාට නැවතත් එම ධුරය හිමි වීම ද මෙහිදී කැපී පෙනුණි.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය

මහතාගේ අධීක්ෂණය යටතේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර උපාලි සමරවීර මහතාගේ උපදෙස් අනුව මෙවර නිලවරණය පවත්වන ලද අතර ඒ සඳහා මාතලේ සහ ගම්පහ හොකී සංගම් නියෝජිතයන් පැමිණි බවක් දක්නට නොලැබුණි. එමෙන්ම ආරක්ෂක සේවා, වෙළඳ සේවා සහ කොළඹ සංගම් නියෝජිතයන් සභාපති ධුරය සඳහා ඡුන්දය දීමෙන් වැළකී සිටි බවක් ද සටහන් වේ.

2021 -2022 ශ‍්‍රී ලංකා හොකී සම්මේලන නව නිල මඬුල්ල

සභාපති : කමල් පුෂ්පකුමාර මහතා

සම උප සභාපති :

දර්ශන එස්. විජේසිංහ මහතා

රාසයියා මහේෂ්වරන් මහතා

ඩබ්ලිව්. මර්වින් පී. ප‍්‍රනාන්දු මහතා

ජී. ඞී. මදියලගන් මහතා

ලේකම් : පෙරුමාල් විශ්වනාදන් මහතා

උප ලේකම් : බී. එම්. ඞී. ටී. බී. බස්නායක මහතා

භාණ්ඩාගාරික : කුලරත්නම් ජෙයරත්නම් මහතා

උප භාණ්ඩාගාරික : ජී. එස්. කපුකොටුව මහතා.

(බණ්ඩාර)

advertistmentadvertistment
advertistmentadvertistment