අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රසිද්ධ කරයි

8632

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ලක්ෂ 23ක පිරිසක් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇතැයි වැඩබලන මුදල් ඇමති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය .එම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් පත් කිරීම අද මුදල් අමාත්‍යංශයේ දී සිදු කෙරිණි .මෙම නාමලේඛනය හෙට සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රසිද්ධියට පත් කිරීම ඇරඹේ .ඒ අනුව හෙට දින සිට දින 10ක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව ද ඇමතිවරයා සදහන් කළේය.ඔවුනට රුපියල් බිලියන 208 ක මුදලක් සුභසාධක ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇතැයි ද එම මුදල් කෙලින්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිනුම්වලට බැර කිරීම ජුලි මාසය තුළ සිදු කෙරෙන බව ද ඇමතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment