සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අතරින්න එපා: උතුරු පළාතේ ආණ්ඩුකාර යාපනයේ වැසියන්ගෙන් ඉල්ලයි

150

කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් සෑමවිටම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා යාපනය ප‍්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් සහ එම ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ත්‍යාගරාජා මහතා ඊයේ යාපනය ප‍්‍රදේශයේ තිරන්නවේලි, මරගුනාමඩම්, චුන්නාකම් යන පොදු වෙළෙඳ සංකීර්ණවල හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වී මේ බව සඳහන් කළේය. මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී මේ වනවිට යාපනය ප‍්‍රදේශයේ පවතින වර්ෂාපතනය හේතුවෙන් ජලය බැස යෑම සඳහා නිසි ක‍්‍රවේදයක් සකසන ලෙසද සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දෙන ලද අතර ඉතා අපිරිසිදු තත්ත්වයේ පවතින යාපනය පුල්ලවැව පිරිසිදු කරන ලෙස ත් අලංකාරවත් වැවක් ලෙස සකස් කරන ලෙසද අදාළ රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙන ලදී.

 අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment