21න් පහළ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය- ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පරදියි

260

වයස අවුරුදු 21 න් පහළ ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ තමන් සහභාගි වූ පළමු තරග දෙකම මීට පෙර ජයගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (13 වැනිදා ) සිංගප්පූරුව සමග පැවති තරගයෙන් ලකුණු 29- 51 ක් ලෙස පරාජයට පත් වූයේ ය. එහිදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව හමුවේ එකදු වටයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වී තිබුණි.

පළමු වටයේදී 8-11 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව ඉදිරි වට තුනේ දී ද 5- 10, 9-15 සහ 7- 15 ක් ලෙස පරාජයට පත්විය.

මෙම තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවට පළමු වටය යටතේ මුණගැසීමට සිටි අභියෝගාත්මක කණ්ඩායම වූයේද සිංගප්පූරුවයි. ආසියානු කලාපයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි දෙවෙනි ස්ථානය හිමි කරගෙන සිටින සිංගප්පූරුව මේ වන විට තමන් මුහුණ දුන් සියලු තරග ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකාව බෲනායි කණ්ඩායම සහ සත්කාරක දකුණු කොරියාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත්ව තිබුණු අතර ඔවුන් මෙම තරගාවලියේ පළමු වටය යටතේ සහභාගී වන අනෙක් තරගය අද චීන තායිපේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment