ඔමික්‍රෝන්වලින් බේරෙන්න තම තමන්ම ලොක්ඩවුන් වෙන්න

138

දැන් ලෝකය පුරා පැතිරෙමින් තිබෙන ‘‘ඔමික්‍රෝන්’’ කොවිඩ් ප‍්‍රභේදය එන්නත්වලට ප‍්‍රතිචාර දක්වන්නේ නැති නිසා තම තමන් පෞද්ගලිකව ලොක්ඩවුන් ක‍්‍රියාවලියකට යාම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘‘දිවයින’’ට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පුරුද්දක් වශයෙන් බිම් මට්ටමේ ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීය.

දැන් පැතිරෙමින් තිබෙන ඔමික්‍රෝන් ප‍්‍රභේදය කිසිදු එන්නතකට ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ නිසා රටේ හැම දෙනාම කළ යුත්තේ තම තමන් ලොක්ඩවුන් එකකට යාමයි. නිවැරදිව මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන කරුණු තුන හරියට කරනවානම් මේ තත්ත්වයෙන් ගැළවෙන්න පුළුවන්.

ජනතාව අතරේ අද නැත්තෙත් මේවායි. කට්ටියක් වන්දනා ගමන් යනවා. තව කට්ටියක් විනෝද චාරිකා යනවා. තව කට්ටියක් සාප්පු සවාරි යනවා. තව පිරිසක් ම`ගුල් ගෙවල් වල, මළ ගෙවල්වල යනවා. මේ බොහෝ දෙනා අර පුද්ගලික ලොක්ඩවුන් එකෙන් තොරවයි කටයුතු කරන්නේ. මේ තත්ත්වය කනගාටුදායකයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment