දින නියමයක් නැතුව තැපැල් ඡන්දය කල්දමයි

83

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

තැපැල් ඡන්ද විමසීම ලබන 22, 23, 24 හා 28 දිනවල දී පැවැත්වීමට මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කර තිබිණි.

ඡන්ද සලකුණු කිරීමට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා මෙම දිනවල දී ලබාදීමට එකඟ වුවත් රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් නියමිත දිනවලට මැතිවරණ කොමිෂන් සභාව වෙත ඒවා ලබා නොදීම නිසා මෙලෙස ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට සිදුවූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment