මධ්‍යධරණි කලාපයේ ගුවන් අනතුරකින් ඇමෙරිකානු භටයන් 5ක් මරුට

349

නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ඇමෙරිකානු හමුදා භටයන් පස් දෙනකු මියගොස් ඇති බව ඇමෙරිකානු හමුදාව පවසයි. හමුදා අභ්‍යාසයක යෙදී සිටියදී හෙලිකොප්ටර් යානයට ඉන්ධන පිරවීමට යෑමේදී යානය අනතුරට පත් වීමෙන් අදාළ භටයන් පිරිස මියගොස් ඇති බව වාර්තා වී තිබේ. ඇමෙරිකානු භටයන් පස් දෙනකු මෙම අනතුරෙන් මියගිය බව පැවසුවද එම භටයන් පිරිස ගමන්ගත් හෙලිකොප්ටර් යානය ගමන් ඇරඹූ ස්ථානය හෝ යානය අනතුරට පත් ප්‍රදේශය සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව තොරතුරු හෙළි කර නොමැත. ඊශ්‍රායල හමුදාවන් හා හමාස් සංවිධානය අතර සටන් ඇවිලීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ සිය මෙහෙයුම් වැඩිකර ඇති අතර එම කලාපයට ගුවන් යානා ප්‍රවාහනය කරන නැව් හා ජෙට් යානා රැසක් ඉකුත් මාසය තුළදී යවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment