පකිස්ථානයේ නව රජයක් සඳහා පක්ෂ දෙකක් විධිමත් එකඟතාවයකට

137

පකිස්ථාන මුස්ලිම් ලීග් පක්ෂය හා පකිස්ථාන් ජනතා පක්ෂය නව රජයක් පිහිටුවීම සඳහා විධිමත් එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් පෙබරවාරි 08 වැනිදා පැවති පකිස්ථාන මහ මැතිවරණයේදී මෙම පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකි විය.

මෙම පක්ෂ දින හයකට පෙර පකිස්ථානයේ නව රජයක් පිහිටුවීම සඳහා මූලික එකඟතාවයක් ඇති කර ගත් අතර මේ වනවිට එය ස්ථිරසාර එකඟතාවයක් වී ඇති බව පකිස්ථාන් ජනතා පක්ෂ නායක බිලවාල් භූතෝ සර්දාරි පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment