බැඳි තුවක්කුවකට හසුවූ ගෝණකුට හලවල්කැලේ වැසින්ගෙන් ප්‍රතිකාර

398


කළුතර නාවලකන්ද පාරිසරික කලාපයට මායිම්ව පිහිටි හලවල්කැලේදී දඩයක්කරුවෙකුගේ බදින ලද තුවක්වකුවකට හසුව දරුණු ලෙස තුවාල ලබා අවතැන්ව සිටි ගෝණෙකු වන ජීවී නිලධාරීන් පැමිණෙන තුරු ග්‍රාම නිලධාරී කාර්යාලයට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට ප්‍රදේශ වාසීහු පියවර ගැනීම නිසා එම සතාගේ ජීවිතය බේරාගැනීමට හැකිව ඇත.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සත්වයාට ප්‍රතිකාර ලබා දීම සඳහා පැමිණීමට පැමිණ ඇත්තේ පසුදිනය. ඒ අනුව ගම්වාසීන් ගෝණා හලවල්කැලේ ග්‍රාමනිලධාරීවරයාගේ කාර්යාලයේ තබා සත්වයාට අවශ්‍ය මූලක ප්‍රතිකාර ලබා දී තිබේ. ඉකුත් 25 වැනිදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තිඩිය වන සත්ව රෝහලේ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායම පැමිණ සත්වයා හට වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා වන සත්ව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment