ලබන වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 2851 ක්

74

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව ලබන වසරේ (2024) සමස්ත අයවැය හිඟය රු. බිලියන 2851 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය සහිතව මේ සමස්ත අයවැය හිඟය ගණනය කර ඇත.

මේ අනුව මේ වසරේ (2023) සංශෝධිත

අයවැය හිඟය වන රු. බිලියන 2402 ට සාපේක්‍ෂව ලබන වසරේ (2024) සමස්ත අයවැය හිඟය රු. බිලියන 449 (රු. කෝටි 44900) කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

● අයවැය හිඟය පියවා ගන්නා අයුරු.

සමස්ත අයවැය හිඟය රු. බිලියන 2851

මුළු විදේශ මූල්‍යනය රු. බිලියන 726

මුළු දේශීය මූල්‍යනය රු. බිලියන 2125

මුළු මූල්‍යනය රු. බිලියන 2851
ශ්‍යාම් නුවන් ගනේවත්ත, රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment