සනත් නිශාන්තට එරෙහි පැමිණිලි 3 ගැන විභාගය ජන. 31 සිට

47

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිලි තුන සම්බන්ධයෙන් විභාගය ලබන ජනවාරි 31 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ අභියාචනාධිකරණය එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වෙත නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

එදිනට පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට නියමිත වීඩියෝ දර්ශන විවෘත අධිකරණය හමුවේදී ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පුළුල් තිර සැපයීමට පියවර ගන්නා ලෙසට ද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීම සලකා බැලු විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

2022 අගෝස්තු මස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කර ඇති බවට ලැබුණු පැමිණිලි අනුව නීතිපතිවරයා විසින් එම චෝදනා ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment