උසාවි නියෝගය නිසා යනවා දින දාහතරකින් ආයේ එනවා – රන්ජන් ජයලාල්

138

අධිකරණය මගින් ලබාදුන් නියෝගයට ගරු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන මුත් අදාළ නියෝගය දින දාහතරකින් අවසන් වූ වහාම ලංකා ව්දුලිබල මණ්ඩලය රැකගැනීමේ සටන යළි ආරම්භ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසීය.

“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව කියමින් එය විකුණා දැමීමට සකස් කර තිබෙන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන එය විකිණීමට සැරසෙන පළමු තත්පරයේම වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට හෝ ගොස් මේ විනාශය පරාජයට පත්කරනවා” යැයි ද ඒ මහතා කීවේය.

දින දාහතරක් යනතුරු වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන ලෙසට කොළඹ දිසා අධිකරණය වෘත්තීය සමිති නායකයන් අනූඅටදෙනකුට වාරණ නියෝගයක් පැනවීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් රන්ජන් ජයලාල් මහතා එසේ කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment