නෙස්ලේ ලංකා පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ හොඳම අපනයනකරු ලෙස ජනාධිපති සම්මාන දිනයි

20

පසුගියදා පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂවලදී පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ හොඳම අපනයනකරු සම්මානය දිනාගැනීමට නෙස්ලේ ලංකා සමාගම සමත්විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල හරහා මෙරට අපනයන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් සැපයූ සමාගම් අගයනු ලැබේ.

මෙරට අපනයන ශක්තිමත් කිරීමට අප ගනු ලැබූ අඛණ්ඩ උත්සාහයන් මෙසේ ඇගයීමට ලක්වීම ගැන අපි මහත් සේ ආඩම්බරයට පත්වෙනවා. විශේෂයෙන්ම මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදයේදී, අඛණ්ඩව වසර තුනක් පුරාවට පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ හොඳම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍රවීම තුළින් අපගේ කණ්ඩායමේ නොසැලෙන අධිෂ්ඨානය සහ කැපවීම වඩා හොඳින් පිළිබිඹු කරයි. අපගේ ව්‍යාපාර මෙහෙයුම් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් දැක්වීමටත්, දේශීය පොල් කර්මාන්තයට සහාය වීමටත්, අපගේ ගොවි ප්‍රජාවට තිරසර ජීවනෝපායක් නිර්මාණය කිරීමටත්, අපනයන හරහා විදෙස් විනිමය උපයමින් රටේ විදෙස් විනිමය සංචිතය ශක්තිමත් කිරීමටත් හැකිවීම ගැන අපි නිහතමානීවසතුටට පත්වෙනවා යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment