උපාලි පුවත්පත් ආයතනයේ දැන්වීම් ප්‍රවර්ධන විධායක වී. සී. විමලසිංහ කලුරිය කරයි

313

දශක පහකට ආසන්න කාලයක් මෙරට පුවත්පත් මාධ්‍ය හා සබැඳිව කටයුතු කළ දැන්වීම් ප්‍රවර්ධන විධායක නිලධාරියකු වූ වී. සී විමලසිංහ මහතා ඊයේ (13දා) අභාවප්‍රාප්ත විය.

උපාලි පුවත්පත් සමාගම 1981 වසරේ ආරම්භ වන විටම එහි සේවයට එක්වූ විමලසිංහ මහතා ‘දිවයින, අයිලන්ඩ් ඇතුළු සියලු පුවත්පත්වල ප්‍රවර්ධනය තකා තම දායකත්වය නොඅඩුව ලබාදුන් නිලධාරියෙකි.

ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනය, ස්වාධීන පුවත් පත් සමාගම ඇතුළු මාධ්‍ය ආයතන රැසකම තම වෘත්තීය ජීවිතයට අත්පොත් තැබූ හෙතෙම වසන්තා විමලසිංහ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ අතර, මිලින්ද, දිනුෂ යන පුතුන්ගේත් නිමල්කා දියණියගේත් ආදරණීය පියාණන් විය. විමලසිංහ මහතාගේ දේහය

බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ 2 වැනි පටුමගේ අංක 27/6 දරන ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15දා) සවස 6.00ට ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment