ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් නොතකා එන්නත්කරණය කිරීමෙන් මරණ අනුපාතය වැඩිවීමේ වගකීම රජය භාරගත යුතුයි… රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

229

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් නොසලකා හරිමින් කොවිඞ් එන්නත්කරණය සිදු කිරීම නිසා මෙරට මරණ අනුපාතය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, එහි වගකීම රජය විසින් භාරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අවධාරණය කරයි.

වයස අවුරුදු හැටට වැඩි සංකූලතා වැඩි පුද්ගලයන්ට මුලින් කොවිඞ් එන්නත්කරණය සිදු කළේ නම් අද සිදුවෙමින් පවතින මරණ අනුපාතය සියයට හැත්තෑවකින් පමණ අඩු කරගත හැකිව තිබුණත් වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් අද කොවිඞ් මරණ ඛේදවාචකයක් වී ඇතැයි ද එම සංගමය පෙන්වාදෙයි.

මේ පිළිබඳව ‘දිවයින’ට පෙරේදා (01 දා* අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේද පැවසීය.

කොවිඞ් එන්නත්කරණය මරණ අඩුකර  ගැනීමේ එක් ක‍්‍රමයක් වුවත්, එය මරණ වැළැක්වීමේ එකම විසඳුමත් නොවෙයි. අපි මුලසිටම එන්නත්කරණය කිරීම ප‍්‍රමාද කළා. රුධිර පීඩනය, වකුගඩු ආබාධ වැනි සංකූලතා ඇති වයස හැටට වැඩි පුද්ගලයන්ට තමයි මුල් අදියරේ එන්නත්කරණය කළ යුතුව තිබුණේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ උපදෙස් නෙසලකා කටයුතු කිරීමේ විපාක අප අද අත්විඳිමින් පසුවෙනවා. රජය කටයුතු කළේ ඒ අයට හිතුන විදිහට. අද වගකීම ගන්න කෙනෙක් නැහැ. අද එන්නත්කරණය ඉලක්කගතව හෝ සංවිධානාත්මකව සිදු වෙන්නේ නැහැ. ප‍්‍රතිශක්තිය නැතිව එන්නත ගන්න එන පිරිස වැඩියි. ඒ වගේම මරණ බය නිසා එන්නතට තියන ඉල්ලූමත් වැඩියි. ඒ නිසාම එන්නත

ගන්න ඇවිත් පොරකාලා කොවිඞ් බෝකරගෙන ගෙදර යනවා. එන්නත්කරණ වැඩපිළිවෙළ සෞඛය අංශයට විතරක් කරන්න බැහැ.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment