පෙළපාලිවලට ඉඩදෙනු! පොලිස් ආඥා පනත ජිනීවා කරළියට

248

විරෝධතා සහ සාමකාමී පෙළපාලි පැවැත්වීමට අවසර හිමිවන පරිදි ශ්‍රී ලංකා පොලිස් ආඥා පනත වහාම සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජයට දන්වන ලෙස යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත්වී ඇත. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වී ඇති අතර මෙම යෝජනාව ගොනුකර ඇත්තේ ජාත්‍යන්තර සිටිකස් සංවිධානයයි.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා කරමින් විරෝධතාකරුවන්ට බරපතළ ලෙස පහරදී ඇති බව දක්වන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ගොනුවී තිබේ. ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ පටද කවුන්සිලයට ලැබී තිබෙන සාමකාමී පෙළපාලි කරුවන්ට ජල ගැලුම් විශාල ප්‍රමාණයක් යොදවා ජල ප්‍රහාර එල්ල කර ඇතැයි සිටිකස් සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දක්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment