අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනපති මැදුරේ ගංජා සුරුට්ටුවක් ළග තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති මන්දිරය තුළ ඊයේ උදෑසන විශේෂ කාර්ය බලකාය සිදු කළ සංචාරයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
එහි දී ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගෙන සිටි විරෝධතාකරුවන්ගේ අරගලයට පැමිණි මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත විශේෂ කාර්ය බලකාය විසින් භාර දී තිබේ.