ඔංචිල්ලාවේ ලණුව බෙල්ලේ හිරවී සිසුවෙක් මරුට

425

ඔන්චිල්ලාවක් පදිමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවකුගේ ගෙලෙහි එම ලණුව සිරවී ඉතා අවාසනාවන්ත අන්දමින් මරුමුවට පත් වී ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි.

පෙරේදා (06 වැනිදා) සවස 6.30 ට මෙම සිද්ධිය සිදු වී අත. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ ගිරිඋල්ල, බෝපිටිය, මත්තෙගම පදිංචිව සිටි කුරුණෑගල රාජකීය විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඉසුම් හංසන බණ්ඩාර නමැති සිසු දරුවෙකි.

දරුවාගේ අවාසනාවන්ත සිද්ධියෙන් මුළු ගිරිඋල්ල ප්‍රදේශයම එකම මළගමක් බවට පත් වී තිබේ.

දරුවා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාන අවස්ථාවේ ඔහුගේ මව හා බාල සොයුරු මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇත. ඔහුගේ වැඩිමල් සොයුරිය නාන කාමරයේ සිට ඇති බව හෙළිවිණැයි පොලිසිය පවසයි.

සිසුවා ලණුවේ සිරවී සිටිනු දැක ඇති මව පසුව ලණුව කපා දඹදෙණිය රෝහල කරා රැගෙන ගොස් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

මේ පිළිබඳව ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. පී. ඒ. සමරකෝන් මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ජනක (38389) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment