පානම වන අලි සුද්දෝ පස්සේ පන්නති – එංගලන්ත ජාතික කතකට තුවාල

810

පානම වන රක්‍ෂිතයේ වැව අද්දර වල් අලි නැරඹීමට ගිය විදේශිකයන් 8 දෙනකු පස්සේ වල් අලියකු ලුහුබැඳීම නිසා එංගලන්ත ජාතික කාන්තාවක් වැටී අත තුවාල වී අම්පාර රෝහලේ සිට ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පානම පොලිසිය පවසන්නේ මෙම විදේශිකයන් අලින්ගේ ඡායාරූප ගැනීමට යද්දී අලියකු මෙසේ කලබල වී ඔවුන් පස්සේ දුව යද්දී වැටී තුවාල ලබා ඇති බවයි.

මෙම සිද්ධියෙන් ඇයගේ අතක මැණික් කටුව පහළින් තුවාල සිදු වී ඇතත් දරුණු තත්ත්වයක් පෙනෙන්නට නැතැයි පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment