කළුතර බෝධිය අබියසදී කුල දරුවෝ දෙදෙනෙක් පැවිදි බිමට

69

සියඹලාණ්ඩුව, මීයාගල, උයනබැද්ද පදිංචි ඩී.එම්. නෙතුක ඉශාන් සහ කේ.එම්. ශෙහාර හේෂාන් යන කුල දරුවන් දෙදෙනා මැයි 07 වෙනි දින ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මීයාගල ශ්‍රී මෙත්තාරාමධිපති කහව මෛත්‍රී මූර්ති නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදිවීමට නියමිතය.

අමරපුර මහා සංඝ සභාව මඟින් සංවිධානයකර ඇති “සසුන්කෙත අස්වැද්දුම” වැඩසටහන යටතේ කුල දරුවන් 55 දෙනකු සසුනට ඇතුළත් කිරීමේ මහා පුණ්‍ය උත්සවය නිමිත්තෙන් කළුතර බෝධි රාජයාණන් වහන්සේ අභියසදී කුල දරුවන් පැවිදි කිරීම සිදුකරන බව අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අහංගම මූර්ති ස්වාමීන්වහන්සේ පැවසූහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment