රට ගිය බිරිඳ වෙනතක කුඩු ගහන අධම පියා නව හැවිරිදි දියණිය කෙළසයි

304

* දැරිය වෛද්‍ය පරීක්ෂණයකට – සැකකරු කූරු ගනින්න

වයස අවුරුදු 9යි මාස 2 ක්වූ තම දියණිය ¥ෂණය කළ මත් ලෝලියෙකුවූ 44 හැවිරිදි පියෙකු ඉකුත් 24 දින කැකනදුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.

මෙම සැකකාර පියා පිළිබඳව පොලිසියට ලද තොරතුරක් අනුව වහාම ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කැකනදුර නාකුට්ටිය ප‍්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ බිරි`ද කලක් විදේශ ගතව සිට මෙරටට පැමිණ වෙනත් පුරුෂයකු සමග කොළඹ ප‍්‍රදේශයේ ජීවත් වන නිසා මෙම බාල වයස්කාර දියණිය සැකකාර පියාගේ භාරයේ සිට ඇති බවද පොලිසිය පවසයි.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී අවස්ථා කීපයකදීම සැකකරු තම දියණිය ¥ෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන තිබේ. අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට පුරුදුව සිටින මෙම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බවද පොලිසිය පවසයි.

බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණ ස`දහා මාතර රෝහල වෙත ඇතුළු කර ඇත. සැකකරු 25 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් කර ඇත. ගන්දර පොලිස් ස්ථානයේ ¥ෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උ.පො.ප.

නිලන්ත, පො.කො.82249රුවන් කුමාර යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ගන්දර දෙවිනුවර – එස්.කේ.කේ. ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment