මොනරාගල බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැලලාගෙන මරුට

156

මොනරාගල බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ඉකුත් 14 වැනිදා රාත්‍රී ගෙල වැලලා ගැනීම නිසා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (15) වැනිදා මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර සිරිපුර ඇත්මල්කඳවුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.

හෙතෙම මොනරාගල බන්ධනාගාරයේ ඊ4 වාට්ටුවේ රඳවා සිටිය දී රෙදිපටියක් ආධාරයෙන් ගෙල වැලලා ගෙන ඇති අතර සිද්ධිය දුටුවහාම බන්ධනාගාර නිලධාරීන් ඔහුව මොනරාගල රෝහලට ඇතුළත්කර තිබිණි. මෙම රැඳවියා ස්ත්‍රීදූෂණයක් සම්බන්ධයෙන් අධිකරණයේදී වැරදිකරුවී වසර 15 සිරදඬුවමක් ලබා සිටි අයෙකි. මෙම මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය මොනරාගල දිසාවිනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.එල් සජිනී අමරවික්‍රම මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment