විද්‍යාඥයකු ලෙස සිතන්නේ කෙසේද?

291

පැරණි ක්‍රමයේ දුර්වලතා

මේ සියල්ලට යොදාගැනුණේ නිරීක්ෂණ ඔස්සේ තර්කනය මගින් නිගමනවලට එළඹීමයි. අවුරුදු දහස් ගණනක් මේ අයුරින් ශිෂ්ටාචාර දියුණුවිය. නමුත් බොහෝ විට මෙම පැරණි ක්‍රමයට ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම සීමා සහිත විය. උදාහරණයක් ලෙසට හිරු පෑයීම සහ බැසීම සලකමු. ආදී මානවයා ඉර දෙවියකු ලෙස සිතන්නට ඇත. එය පුද්ගල නිශ්‍රිත දැනුමකි. මන්ද තවත් කෙනකුට එය යක්‍ෂයෙක් ලෙස සිතිය හැක. නමුත් නිරීක්ෂණ ඔස්සේ නිගමනවලට පැමිණ එය තවත් ආකාශ වස්තුවක් බවත් එය පෘතුවිය වටා කැරකෙන බවත් සොයාගන්නට ඇත. පෘතුවිය වටා ඉර කැරකෙන බව අප අද්දකින නිරීක්ෂණ හා ගැළපෙන නිසා එය නිවැරැදි යැයි සිතන්නට ඇත. නමුත් එය වාස්ත්වික සත්‍යයකි (objective truth). මන්ද සියල්ලන්ට එකඟවිය හැකි නිරීක්ෂණ සමග එකඟ (compatible) දැනුමකි. නමුත් එයද නිවැරැදි නොවන බව අපි දැන් දනිමු.

● නූතන විද්‍යාත්මක ක්‍රමය (Modern scientific method)

දහහත්වන වන සියවසේ දී පමණ නවීන විද්‍යාව බිහිවිය. එය පැරණි වාස්ත්වික සත්‍යය (objective truth)දැනගැනීමේ ක්‍රමය අභිබවා යන එතෙක් මෙතෙක් බිහිවූ දියුණුම දැනුම පද්ධතිය වේ. එය පැරණි ක්‍රමයට වඩා වෙනස් වන්නේ පහත පරිදිය.
★ මෙහිදී නිරීක්ෂණ ඔස්සේ පළමුව කල්පිත (Hypothesis) ගොඩනඟයි. එය සම්පූර්ණවම අපක්ෂපාතී විය යුතුය. එය උද්ගාමි තර්කනය (inductive argument) මගින් ගොඩනඟයි.
★ ඉන්පසු එම කල්පිත නිවැරැදි ද වැරදිද යන්න සොයාබැලීමට පරීක්ෂණ සිදුකරයි.
මෙහිදී අදාළ කල්පිතය නිවැරැදි දැයි තහවුරු කරගන්නේ අදාළ කල්පිතයේ අනුලෝමයේ වැරදි යැයි පෙන්වීමෙනි. මෙය අප අප්‍රතිෂ්ඨෙය කල්පිතය (null hypothesis) ලෙස හඳුන්වයි. “සියලු හංසයන් සුදුයි” යමෙකුට මෙය පරීක්ෂා කළ හැක්කේ “සියලු හංසයන් සුදු නොවේ” යන්න පරීක්ෂා කිරීමෙනි. එනම් සුදු නොවන හංසයන් සිටී දැයි සොයා බැලීමෙනි.
★ මෙසේ සිදුකරන පරීක්ෂණ මගින් ලැබෙන දත්ත විෂ්ලේෂණය ඔස්සේ අපෝහන තර්කනය (deductive argument) මගින් නිගමනවලට පැමිණෙයි. එය නැවත නැවත විවිධ පරීක්ෂණ ඔස්සේ අභියෝගයට ලක්කොට තහවුරු කරගනී.

මේ ආකාරයට ගොඩනඟා ගන්නා වාස්ත්වික දැනුම ඉතාම විශ්වාසනීය වේ. මුළාවීමට ඇති අවස්ථා ඉතා අඩුය. එමගින් කරන පුරෝකතනයන් වඩා නිවැරදි වේ. එම දැනුම මගින් තනන උපකරණ ඉතා දියුණු උපකරණ වේ. මෙසේ නවීන විද්‍යාත්මක ක්‍රමයට වාස්ත්වික දැනුම ගොඩනැඟීමත් සමග අවුරුදු 500 ක් වැනි කාලයක් ඇතුළත නොසිතූ අයුරින් මානව ශිෂ්ටාචාරය දියුණු විය. වර්තමාන ශිෂ්ටාචාරයේ කොඳු නාරටිය බවට විද්‍යාව හා තාක්ෂණය පත්විය. වෛද්‍ය විද්‍යාව, ගුවන් යානා, වාෂ්ප එන්ජිම, වෙඩි බෙහෙත්, විදුලිය වැනි සොයාගැනීම් මඟින් ශිෂ්ටාචාරය පෙර නොවිරූ වේගයෙන් දියුණු විය. ඔබ දිනක අවදිවීමේ සිට නින්දට යන තුරු භාවිතාකරන සියල්ලම පාහේ නවීන විද්‍යාවේ සොයාගැනීම් ය. ඔරලෝසුව, දත් බුරුසුව, ගෑස් ලිප, ගුවන්විදුලි යන්ත්‍රය, ශබ්ද විකාශන යන්ත්‍රය, විදුලි බල්බය, දුරකථනය, වාහන වැනි දෑ නොමැතිව අද අපට ජීවත් වීමටද අපහසුය. වෙනත් කිසිදු ජීවියකුට නොහැකිවූ නමුත් අපට සඳ මතට යෑමටද හැකිවිය.
● නූතන විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ වැරදි මත

1. නූතන විද්‍යාවට ඇතුළත් වන්නේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර දැනුම පමණි.

කිසි සේත්ම නැත. කොටින්ම පංච ඉන්ද්‍රියන්ගේ ඇති සීමාවන් නූතන විද්‍යාව පවතින්නට මූලික හේතුවකි. අපගේ ඉන්ද්‍රියයන් ඉතා පහසුවෙන් මුළා කළ හැක. ආලෝකයේ විද්‍යත් චුම්භක තරංග ඇසට නොපෙනෙයි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පරමාණු, ෘභ් හේලික්ස, වෛරස් මේවා කිසිවක් ඉන්ද්‍රීය ගෝචර නැත. සමහරක් ක්වොන්ටම් භෞතික දැනුම මනසටද ලේසියෙන් ගෝචර නොවේ. Quantum tunneling”, —spacetime fabrication”, තරංග ශ්‍රිතය (wave function) පංච ඉන්ද්‍රියන්ට තියා අපගේ සහජ ඥානයට (intuition) ද ගෝචර නොවේ. එනිසා නවීන විද්‍යාව සීමාවන්නේ අපගේ පංච ඉන්ද්‍රීයයන්ගේ හැකියාවන් වලින් නොවේ. එය සීමාවන්නේ අසත්‍යෙක්ෂ වාස්ත්වික සත්‍යය (falsifiable objective truth) මගිනි.

2. නූතන විද්‍යාව වර්තමානයේ තතවුරු කරන දේ අනාගතයේ දී වෙනස් කරයි. එනිසා එය විශ්වාසනීය නැත.

නූතන විද්‍යව මගින් සිදුකරන්නේ ස්වභාවධර්මය පිළිබඳ වාස්ත්වික සත්‍යය (objective truth) සොයාගැනීමයි. එය තාක්ෂණය දියුණුවීම සමග තව තව පුළුල් වේ. නමුත් යම් කාරණයක් නැවත නැවත පරීක්ෂණයට ලක් කර තතවුරු කර ඇති නම් එය අනාගතයේ වෙනස් නොවේ. එය තව දුරටත් පුළුල් වීම සිදුවේ. උදාහරණයක් ලෙස නිව්ටන් නියම මීට අවුරුදු 400 කට පමණ පෙර තතවුරු කරන ලදී. එම දැනුම අදටත් වෙනස් නොවේ. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග අනිවීක්ශීය වස්තු සමහරක් සඳහා එය වලංගු නැති බැවින් කොන්ටම් භෞතික විද්‍යාව (quantum mechanics) මෙන්ම අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සොයාගැනිණ. නමුත් එමගින් නිව්ටන් නියම අවලංගු නොවේ.

3. නූතන විද්‍යාවේ පරිණාමය, “Big Bang” වැනි දෑ තවම න්‍යාය (theory) මුත් ඒවා විද්‍යාත්මක නියම (scientific laws) නොවේ. එනිසා ඒවා තවම ඔප්පු කර නැත.

 නූතන විද්‍යාව කිසිවක් ඔප්පු කරන්නේ නැත. ඔප්පු කිරීම් ඇත්තේ ගණිතය තුළය. විද්‍යාව මගින් කරන්නෙ යම් (objective) පැහැදිලි කිරීමක් විශ්වාසනීයත්වය ඉහළ දැමීමයි. ඒ සඳහා බුද්ධිමත්ව තෝරාගත් පරීකෂණ තුළින් ආනුභවික සාක්ෂි (empirical evidence) ගොඩනඟයි. මේ අයුරින් නැවත නැවත පරීක්ෂණයට ලක්කිරීමෙන් විශ්වාසනීය දැනුමක් ගොඩනැඟීම විද්‍යාවේ අරමුණයි. මේ අයුරින් ගත් කළ පරිණාමය (evolution), “big-bang theories” අනෙකුත් කොන්ටම් භෞතික න්‍යාය (quantum theory), අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (special and general theory of relativity) වැනි දෑද නිවුටන්ගේ නියම (Newton’s law), තාප ගති විද්‍යාවේ නියම (thermodynamics law) හා සමානවම විශ්වාසනීය දැනුම වේ. විද්‍යාත්මක නියම යනු 19 වන සියවසේ වැඩිපුර යෙදුණු යෙදුමකි. විසි වන සියවසෙන් ඔබ්බට විද්‍යාත්මක න්‍යාය යන්න වැඩි වශයෙන් යොදා ගනී. යමක් පරීක්ෂණාත්මකව තහවුරු කර නැති නම් එය කල්පිතයක් (Hypothesis) වේ. පොදුජන සමාජය තුළ එය වැරදි ලෙස භාවිතා වේ. තහවුරු නොවන අදහස්
“theory˜” යැයි කීම වැරදිය

.4. විද්‍යාව මගින් නැතැයි ඔප්පු කළ නොහැකි දේ බහුලය. එනිසා යම් කාරණයක් විද්‍යාත්මකව තහවුරු නොකළ පමණින් අසත්‍ය නොවේ.

විද්‍යාවේ සීමාව අසත්‍යෙක්ෂ වාස්ත්වික සත්‍යය (falsifiable objective truth) වේ. අප කලින් කතා කළ පරිදි සත්‍ය අසත්‍ය යන්න වාස්ත්වික (objective) නම් පමණක් එය සමාජයට වැදගත් වේ. මා කැමතිම පාට නිල් පාට යන්න පුද්ගලික සත්‍යයකි. (චැරිදබ්ක එරමඑය). නමුත් අඩුම වර්තනයට ලක්වන පාට රතු යැයි කීම වාස්ත්වික සත්‍යයකි. එවන් වාස්ත්වික කාරණයක් විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි නම් අප එය විද්‍යාව දියුණු වනතුරු පෞද්ගලික උපකල්පනයක් (personal assumption) පමණක් බව සිහිතබා ගත යුතුය. උදාහරණයක් ලෙස “Big-bang” ඇතිවුණේ කෙසේදැයි විස්තර කිරීමට විද්‍යාව තවම අපොහොසත් ය. නමුත් වර්තමානයේ විද්‍යාඥයන් ඒ ගැන සෙවීමට වෙහෙසෙයි. අනාගතයේදී අපට එය දැනගැනීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කළ හැක. මීට අවුරුදු 100 කට පෙර අප (DNA) ජාන ගැන දැන සිටයේ නැත. නමුත් අප අද මිනිස් DNA හි 3.6 බිලියනයක් වූ භෂ්ම අනුපිළිවෙළ දනී. නමුත් ඊට පෙර අප වෙනත් පුද්ගල නිශ්‍රිත දැනුමකින් (subjective knowledge) එම අඩුව පිරවීමට යෑමේදී පරීක්ෂාකාරී විය යුතුය. මන්ද එවන් පැහැදිලි කිරීම් රාශියක් තිබිය හැක.
 ● විද්‍යාත්මක ක්‍රමය එදිනෙදා ජීවිතයට,

විද්‍යාත්මක ක්‍රමය වාස්ත්වික සත්‍යය (objective truth) සොයාගැනීමට ඇති වඩා විශ්වාසනීයම ක්‍රමයයි. එම නිසා විද්‍යාත්මක ක්‍රමයට සිතීම අපිව රැවටීමට ලක්වීම අවම කරයි. එදිනෙදා ජීවිතයේදී අප නිතර නිරීක්ෂණ ඔස්සේ තර්ක කර නිගමනවලට එළඹෙයි. නමුත් එය විශ්වාසනීය නොවන බව වටහාගත යුතුය. වඩා විශ්වාසනීය නිගමන අවශ්‍ය නම් නිරීක්ෂණ ඔස්සේ නිගමනවලට නොව කල්පිතවලට පැමිණිය යුතුය. ඉන් පසු එම කල්පිත පරීක්ෂණයට ලක් කළ යුතුය. පරීක්ෂණවලින් ලැබෙන දත්ත ඔස්සේ නිගමනවලට එළැඹිය යුතුය. මේ අයුරින් විද්‍යාත්මක ක්‍රමය පුරුදු පුහුණු කිරීමෙන් අපට මුළා නොවී වඩාත් ඵලදායී විශ්වාසනීය දැනුමක් ගොඩනඟාගත හැක. මානව ශිශ්ටාචාරයේ දියුණුවට මෙනම ලෝකය ජීවත් වීමට වඩාත් හොඳ තැනක් කරගැනීමට එය ඉවහල් වනු ඇත.

ආචාර්ය ගයාන් සංජීව
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ,
ඇමෙරිකා එක්සත් ජනපදය.

advertistmentadvertistment
advertistmentadvertistment