අධික බදු බර නිසා රටේ නිවාසවල ආදායම් මට්ටම 60% කින් අඩුවෙලා

69

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ නිවාසවල ආදායම් මට්ටම 60% කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩිවී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22 ක් ණය බරින් පෙළෙන බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

එසේම පෙර පාසල් මට්ටමේ සිට විශ්වවිiාල මට්ටම දක්වා අධ්‍යාපනයේ නියැලෙන සියයට 55 කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති නමුත් ආර්ථික අර්බුදය හමුවේ වුවත් 3.4% කගේ ආදායම වැඩිවී ඇති බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

රට මේ තත්ත්වයට පත්ව ඇත්තේ රජයේ අත්තනෝමතික බදු බර වැඩි කිරීම නිසා බවත් හොරුන්ගෙන් වරම් ලබා ගත් ජනාධිපතිවරයා ගනු ලබන මෙවැනි තීරණ අනුමත කළ නොහැකි බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ පිහිටා තිබෙන රජයේ පාසල් 10,126 සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වයස අවුරුදු 3 සිට විශ්වවිiාල වයස දක්වා අධ්‍යාපනයේ යෙදී සිටින සියයට 55 කට බලපෑම් එල්ල වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ පාසල්වල ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව ගොඩනඟන්න ඉංග්‍රීසි භාෂා විiාගාර ආරම්භ කරන බවත් එම වැඩපිළිවෙළ හරහා ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් සුහුරු පරිගණක විiාගාර ඇතිකර ඒ තුළින් තොරතුරු තාක්‍ෂණය ශක්තිමත් කර සෑම සිසුවෙක්ම සුහුරු ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකීම භාර ගන්නා බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

2015 යහපාලන රජය රටෙන් සොරකම් කළ සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් සොරුන් අල්ලන බව පැවසූ නායකයන් හොරුන් බේරාගන්න ඩීල් ගැසූ නිසා එම වැඩපිළිවෙළ අතරමග නතර වුණ බවත් එසේ නොකළානම් සොරකම් කළ සම්පත් රටට ලබාගෙන මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තිබූ බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

රටෙන් සොරකම් කළ සියලු දේපළ සම්පත් නැවත ලබාගෙන එම සම්පත් රටේ ජාතික ආදායම වෙනුවෙන් යොදවා මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කර සුහුරු රටක්, සුහුරු අධ්‍යාපනයක්, සුහුරු ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමේ වැඩපිළිවෙළ සමගි ජනබලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයේ පාසල් 57 කට ලක්‍ෂ 541 ක වියදමින් සුහුරු පන්ති කාමර ලබාදී ඇති බවත් රජයේ පාසල් 80 ට සක්වල බස් රථ වැඩසටහන යටතේ ලක්‍ෂ 3892 ක් වටිනා බස් රථ පරිත්‍යාග කර ඇති බවත් රජයේ රෝහල් 56 කට ලක්‍ෂ 1719 ක් වටිනා රෝහල් උපකරණ හුස්ම වැඩසටහන යටතේ ලබාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (29 දා) හබරණ මහා විiාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්‍ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment