රට පුරා පෙට්‍රල් පෝලිම්

370


පෙට්‍රල් මිලදීගැනීමට අද දිනයේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්හි කිලෝ මීටරකයට වඩා දිගු වාහන පෝලිම් පවතී.විශේෂයෙන්ම කොළඹ නගරයේ ධාවනය වන කුළී ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් නොමැති කමින් අද දිනයේ එම රථ ධාවනය අඩපණවී ඇතැයි ත්‍රී රෝද රථ හිමියෝ පවසති.මේ අතර ඉන්දීය ණය සහන යටතේ මිලදී ගත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සහිත නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ ඇත.එහි පෙට්‍රල් අද සවස් වන විට බෙදාහැරීම් කටයුතු සඳහා නිකුත් කළ හැකි බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment